Sinhala Songs

Sinhala Video Songs

එපා හිත රිද්දන්න බැදුන පෙම ඉවතලා
788
views and counting

එපා හිත රිද්දන්න බැදුන පෙම              ඉවතලා...
ඔබේ මතකෙන් තාම යන්නබැ              ඉගිලිලා...
කාටවත් නොපෙනෙන්න කදුළු නෙත    පුරවලා..
මා ඉන්නේ සැමගෙන්ම ඇත්වී              තනිවෙලා....

ඔබ එදා මට කියූ සොදුරුබස්               මතකයේ..
ඇත තාම එදාමෙන් නොම්කීම           මා ලයේ..
හඩවන්න නිදි නොමැති හද මඩල     මේ රැයේ..
කළවද පවසන්න නොසගවා            සොදුරියේ.....

හීන මාලිග තනා ම ඇතර ගියපු            සද...
එ හීන එකින් එක ඇහිදින්නෙ තනිව     අද..
පැයුවට නිල් අහසේ ලස්සනට සරා        සද..
ඵළක් නැ පැතු හීන බොහොදුර ගිහින්    අද...

නුබට මෙන් වෙනත් සිතකට යළිත්       ළංවෙලා...
කෙළෙස පෙම්.කරන්නද නුඹ සිතේ      රජවෙලා...
වෙන් උනත් මගේ අසරණ කමට          හිනහිලා....
සිත තාම යන්නේ නෑ නුබ ලගින්          වෙන්වෙලා...

ලොවම මට පවසාවී මා සලලෙකුයි           කියා..
එකහිතින් නුඹට මම පෙම්බැන්දේ නෑ      කියා..
මහ සාගර්‍රෙ තරම්  සෙනෙහේ නුඹ ළග   තියා...
හැකී නම්.පවසන්න ලොවට ඇසෙනා     නියා...

Author : Nilanka pradeeo
Email : dnppradeep89@gmail.com
Facebook : Nilanka pradeeo
Vote this :


On Facebook
Featured Sites
Sri Lankan Model

Radio 24

News Lanka 24


© 2017 sinhalasindu.lk

500x500 Top