Alen Wela Ganna
ආලෙන් වෙලා ගන්න

Song

Alen Wela Ganna ගී පද / ආලෙන් වෙලා ගන්න Lyrics

ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
ඔබ සායම් මකාලන්න වෑයම් කලා
 
මම දෑසින් කලා ඔබට පෙම් යෝජනා
ඔබ කලා යෝජනා වලට චෝදනා
මම මෑතින් ඉදන් දකින් වේදනා
ඇයි ඔයා බැලුවේ ඇස් දිහා මගේ නාඬනා
 
පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
පාළුයි වගේ නැද්ද තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් වගේ
 
ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
ඔබ සායම් මකාලන්න වෑයම් කලා

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS