ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින් (Live)
Adara Samarum Kati Wu (Live)
  • Lenght : 03:51

  • ORIGINAL SONG INFO
  • Vocal : Sanath Nandasiri
  • Music : Sanath Nandasiri
  • Lyrics : Ajantha Ranasinghe

  • SongOriginal Song

    ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින් (Live) ගී පද / Adara Samarum Kati Wu (Live) Lyrics

    ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්
    නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ යමුනා තීරේ//
    එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
    මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ
     
    දහසක් මිණි මල් ලිය කම් පෙම පිදු වූ රන් කැටයම්//
    යමුනාවේ තරඟ මතින් මට පිළිබිඹු වේවා
    චමත්කාර අතීත සඳ යළිත් ජනිත වේවා
     
    ආදර සැමරුම් කැටි වූ...
     
    අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙලූ කඳුළු ගලා//
    මැදුරත කිරිගරුඬ පවුරු පවා කැළුම් දේවා
    සනාතන වූ පෙම් සටහන් එහි සිතුවම් වේවා
     
    ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්
    නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ යමුනා තීරේ//
    එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
    හෙට දින මා එනතුරු එහි නිදන්න දේවියේ
     
    ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්
    නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ යමුනා තීරේ
    යමුනා තීරේ යමුනා තීරේ යමුනා තීරේ යමුනා තීරේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS