HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
එදා මෙදාතුර කඳුළට විවරවු දෑස් පියන්පත් කවුළු වසා ළයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පෙරූ රත් දෙතොල පියා මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදු මැලි පාට පොවා දෑත ළයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා දැස් කවුළු පත් පලා කඳුළු කැට වෑහෙද්දී මගේ දෑස් අගින් කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින් ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින් මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමැයි ඒ සුවඳින් එදා මෙදාතුර කඳුළට විවරවු දෑස් පියන්පත් කවුළු වසා දෑත ළයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ හීයේ වේගෙන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත ඇයි මේ ලොව මා තනිව ගියේ ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්රියේ එදා මෙදාතුර කඳුළට විවරවු දෑස් පියන්පත් කවුළු වසා ළයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පෙරූ රත් දෙතොල පියා මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදු මැලි පාට පොවා දෑත ළයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS