දඟකාර ඔය දෑස දුටුවා එදා (Cover)
Dangakara Oya Dasa Dutuwa Eda (Cover)
  • Lenght : 03:36

  • ORIGINAL SONG INFO
  • Vocal : Sanath Nandasiri
  • Lyrics : Sunil Gunawardhana
  • Music : Ranjith Perera

  • SongOriginal Song

    දඟකාර ඔය දෑස දුටුවා එදා (Cover) ගී පද / Dangakara Oya Dasa Dutuwa Eda (Cover) Lyrics

    දඟකාර ඔය දෑස දුටුවා එදා
    දුර ඈත පාසල් වියේ
    නොදැනීම අපගේම සිත් යා වුණා
    දසුනින්ම හසුනක් මවා //
     
    උදයේ හවා ඔබ හමු වී එදා
    දෙඩුවා බැඳීලා සෙනේ //
    දෙකොපුල් විලේ හසරැල් පිපී
    සතුටින් කල් යා වුණා
     
    දඟකාර ඔය දෑස දුටුවා එදා...
     
    සසරේ සදා අප බැඳෙමුයි පතා
    වැඩුණා හදේහී සෙනේ //
    නිලුපුල් නෙතේ හසරැල් මැකී
    කඳුලින්ම වෙන් වී ගියා
     
    දඟකාර ඔය දෑස දුටුවා එදා...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS