මේ ප්‍රථම වසන්තයයි දිවි අරණේ මධු මල් පිපෙනා (Cover)
Me Prathama Wasanthayai (Cover)
  • Lenght : 03:17

  • ORIGINAL SONG INFO
  • Vocal : Sanath Nandasiri
  • Lyrics : Kularathna Ariyawansa
  • Music : Rohana Weerasinghe

  • SongOriginal Song

    මේ ප්‍රථම වසන්තයයි දිවි අරණේ මධු මල් පිපෙනා (Cover) ගී පද / Me Prathama Wasanthayai (Cover) Lyrics

    මේ ප්‍රථම වසන්තයයි
    දිවි අරණේ මධු මල් පිපෙනා
    බිඟු රැවූ නැගෙනා
    මේ ප්‍රථම වසන්තයයි
     
    තරු නැගෙන තුරා නිදිබර අඹරේ
    සඳු නැගෙන තුරා සිටියදි අඳුරේ
    ඔබ සුපුන් සඳක් සේ පායා
    පහන් රැයක් වී ආවේ
     
    මේ ප්‍රථම වසන්තයයි
    දිවි අරණේ මධු මල් පිපෙනා
    බිඟු රැවූ නැගෙනා
    මේ ප්‍රථම වසන්තයයි
     
    සිත පවස දරා මිරිඟුව අතරේ
    දිය පහස පතා සිටියදි කතරේ
    ඔබ සිහිල් දොළක් සේ පාවී
    වසන්තයක් වී ආවේ
     
    මේ ප්‍රථම වසන්තයයි
    දිවි අරණේ මධු මල් පිපෙනා
    බිඟු රැවූ නැගෙනා
    මේ ප්‍රථම වසන්තයයි

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS