කඳු පාමුල සිට.. දැහැනට සම වැද
Kandu Pamula Sita
  • Lenght : 03:51

  • Song

    කඳු පාමුල සිට.. දැහැනට සම වැද ගී පද / Kandu Pamula Sita Lyrics

    කඳු පාමුල සිට.. දැහැනට සම වැද
    මා ගයනා ගී.. ඔබට ඇසෙනවද
    කඳු මුදුනේ සිට.. දිවැස් හෙලනු මැන
    ආල වඩන සඳ.. කිදුරු ළියේ
     
    මිටියාවත් කඳු.. ශිඛර සිසාරා..
    සඳ බැස යන තුරු අවර වනපෙතේ..
    ඔබ කී රහසින්.. මා සැලුනේ නැත
    ඔබ අන්සතු බව.. මම දැන සිටියෙමි
     
    ඇල දොල ගංගා... සයුර සිසාරා..
     
    ඉර නැග එන විට... පෙරඹර අහසේ..
    ඔය නෙතු කැල්මෙන්.. මා සැලුනේ නැත
    ඔබ අන්සතු බව.. මම දැන සිටියෙමි
    කඳු පාමුල සිට.. දැහැනට සම වැද
    මා ගයනා ගී... ඔබට ඇසෙනවද
    කඳු මුදුනේ සිට.. දිවැස් හෙලනු මැන
    ආල වඩන සඳ... කිදුරු ළියේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS