🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 18 July 2026
Marena Minissu
Play Video
Year 2022
Released 25 Jul 2022
Category Music Video
Music Video ▶ YouTube Original Song 2022

Marena Minissu

මැරෙන මිනිස්සු

Watch on YouTube
හැමදේම අහක දාලා වෙන්න හිතෙනවා මහණ
හිතේ තියන් ඉන්නෑ කහට රස වදන් තොල ගාව
සිම් (Sim) කාඩ් වගේ කෙල්ලො මාරු කරා
හිත මට බලෙන් දීලා උබ මාව හොරා කරා
එපා වෙන්න නෙවෙයි සිංදු දුන්නේ හැමදාම අහන්න
කෙලින් කතා කරේ මං නම් දන්නේ නෑනේ රඟපාන්න
හිතේ තියන් ඉන්න එපා යාළු කැමති නම් කියලා දාන්න
ගහක් අස්සේ ඉදන් පැන්නා පොත උස්සන් දඩ ගහන
 
විල්ලුද පුංචි දෙපා අව්වට යන්න එපා සුදු මූණ කලු වෙලා
මෙන්න මේකප් දිය වෙලා
රවුමට වාඩි වෙලා සුවඳ පාර පුරා ඉන්න තැන සනිකව මාරු කරා
ජෝගි ගොඩයි රස්තියාදු උන බෝ වෙලා
අපෙ පැත්තේ ගොඩක් දේවල් යාළු වෙන්නේ රෑ වෙලා
අපි ඉද්දිම මලගෙදර දොර වහලා
නිදිමරන් දුක් විදිනවා කැට ගහලා
 
කරද්දි ආදරේ පරිස්සමෙන් අහුවෙන්න එපා යාළු මේ කෙල්ලොන්ට නම්
කොයිද දුවන්නේ මේ හදිස්සියේ මේක මගෙ තාලේ වෙනස් කරන්නෑ මං මේ
පාසලේ ගුරා ආවා වේවැල අරන් පෝලිමට ඉදන් දණ ගහලා
අපිට නැති උනත් යන්නෑ මං නම් අත පාලා
බලපන් පිරිමිද කියලා යට අත ගාලා
 
තොපි දුවපන් ඩෝ මං නම් ආස පන්නන් එන්න
ඇස් පියන් අපෙ කොල්ලො ආස විසිවෙන්න
මගෙ බැඳීම වැඩී යාළු මේ ප්‍රශ්න එක්ක
මේ ලෝකේ සෙල්ලම් නෑනේ කොල්ලො ජීවත් වෙන්න
අපි දුන්නේ සිංදු ආතල් එකේ ඉද්දි අහන්න
දුරින් ඉදපන් එන්න එපා අත පත ගාන්න
අපි දියුණු වෙද්දි ගනී මුන්ගේ ඇග කහන්න
කමක් නෑ ඔයත් හොරෙන් කහන්න
 
ඉපදීමද විදවීමද මේක මට මහා ⁣ප්‍රෙහේලිකාවක්
ගන්න තීරණ මත ජීවිත නැති වෙනවද මේ කාටත්
මගෙ ලේ වල මුසු වී එන ගොඩක් දේවල් මට තාම රහසක්
මේවා සේරම එක දවසක නැති වෙනවා අපි කොයි කාටත්
මම දන්නවා පිලිගන්නවා මේවා සදාකාලිකව නැති දේවල්
එන කර්මයෙන් පැන යන්න මං නැහැ දැගලුවේ කවදාවත්
 
අඟනුන් නෙවෙයි සල්ලිවත් නෙවෙයි දුම විතරයි සනසන්නේ මා
අවසානෙදී කලු ජීවිත මිය යන්නේ සුදුවතින් අන්දවා
මම දන්නවා මම ධාවනේ කලා මගෙ ජීවිතේ අඳුරු අපහැදිලි මාවතේ අසු මුලු වල
බිලි ගන්න බලන් ඉන්න කාලකන්නි සත්තු
කලු ඇස් ඉරිසියාවකින් මත් වූ
කීප දෙනයි හමුවුනේ නොවෙනස් වූ
මාව නවත්තන්න දැම්මා කම්බි කටු පාරේ
දැම්මේ කවුද කියලා දැක දැක ආයේ ආවේ
වැඩක් නෑ ඒවා
 
ඇවිදින්නේ ගිනි මතින් අපේ ජීවිතේ
දරාගන්න බැරි තැන දෙපතුල් පැලුනා
සල්ලි කොලේ අණ කල නිසා අකමැති ආස නැති දිශාවක යන්න හිත හැදුවා
මහ පොළවෙදි මාරම විස පුරවා ගෙන ඇති මිනිස්සුන් මුණ ගැහුනා
මට මම විතරයි
උබටත් උබ විතරයි ඒක තේරුම් ගනින් මදුවා
 
තොපි දුවපන් ඩෝ මං නම් ආස පන්නන් එන්න
ඇස් පියන් අපෙ කොල්ලො ආස විසිවෙන්න
මගෙ බැඳීම වැඩී යාළු මේ ප්‍රශ්න එක්ක
මේ ලෝකේ සෙල්ලම් නෑනේ කොල්ලො ජීවත් වෙන්න
අපි දුන්නේ සිංදු ආතල් එකේ ඉද්දි අහන්න
දුරින් ඉදපන් එන්න එපා අත පත ගාන්න
අපි දියුණු වෙද්දි ගනී මුන්ගේ ඇග කහන්න
කමක් නෑ ඔයත් හොරෙන් කහන්න

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026