වැහි දිය මහ ගී පද / Wahi Diya Maha Lyrics
වැහි දිය මහ බිම තෙමුවට
බිම තෙමන්නේ වැහි විතරද
රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නේ රෑ විතරද
විහඟුන් පෙම් ගී ගැයුවට
ගී කියන්නේ උන් විතරද
මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නේ මං විතරද
රෝස පතක කවි ලිව්වේ
සුවඳ දිදී තියාගන්න
මේ විදියට ගී ගැයුවේ
ඉන්න තැනකදී ඇහෙන්න
මේ විදියට ගී ගැයුවේ...
ඉන්න තැනක දී ඇහෙන්න...
රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නේ රෑ විතරද...
මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නේ මං විතරද
උස අත්තක මලක් උනේ
ගව් ගණනක් උඩින් ඉන්න
අවසානේ උරුම උනේ
මල් පොකුරක එකක් වෙන්න
අවසානේ උරුම උනේ...
මල් පොකුරක එකක් වෙන්න...
වැහි දිය මහ බිම තෙමුවට
බිම තෙමන්නේ වැහි විතරද
රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නේ රෑ විතරද
විහඟුන් පෙම් ගී ගැයුවට
ගී කියන්නේ උන් විතරද
මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නේ මං විතරද

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS