පාවෙන ජාති
වැඩි භාවිත හින්දා මේ ජීවිතේ හැමදාමත් සාමකාමී
මගෙ ළඟ නෑ වැළපෙන රැප් මගෙ ළඟ තියෙන්නේ අමුතුම ජාති
මට ඕනි මේ ජීවිතේ ආතල් බල්ලොවත් කන්නේ නෑ කාසී
වැඩි වාසී ලැබෙනවා නම්
ඕනිම දේකට දෙවියොත් සාක්කි
මේ සෙල්ලම මාරම ආතල් නවකයෝ වැටුණම අහසින්
අපි දැඟලුවේ හැමදාම එළිපිට උඹල නම් රැඟුවෙම රහසින්
එක ජාතියේ රැප් පේනවා ඉපදිලා වගේ අඩු මාසින්
මට සෙට් නෑ උඹලගේ තාලේ
කවදාවත් නෑ මං තනි මෝඩයෝ එක්ක විවාද කළේ
කවදාවත් නෑ මං අඩුපාඩු වලට අපහාස කළේ
සීමාවට ළං වුණ හින්දා මරණේ අවවාද කළේ
නෑ කිසිම දෙයක් මම වාසනාවකට භාර කළේ
කවදාවත් නෑ මං තනි මෝඩයෝ එක්ක විවාද කළේ
කවදාවත් නෑ මං අඩුපාඩු වලට අපහාස කළේ
සීමාවට ළං වුණ හින්දා මරණේ අවවාද කළේ
නෑ කිසිම දෙයක් මම වාසනාවකට භාර කළේ
තෙවනිමානෙන් අපි දැක්ක දේවල් මාර වෙනස්
මාර වර්ණ රූප සිද්ධි හීන වගේ
පාවී ගියා තුළ ක්ෂීරපථේ
උඹේ මනස තමයි දොරේ යතුර
මම එබිලා බැලුවා මගේ පතුල
ඉපදෙද්දි ඝනේ සුර අසුර
වෙනසක් නෑ හැබැයි ඇඟ ඇතුල
පවතින්නේ නෑ දෙයක් සදාකාලික
මේ රටාව අස්වාභාවික
හැම දවසෙම පොළියත් එක්කම ගෙව්වා මං
කරපු කර්මේ වාරික
නිග මේක වෙන දිශාවක්
සන්නද්ධ කරපු අසුර සේනාවක්
පාවෙන ජාති
වැඩි භාවිත හින්දා මේ ජීවිතේ හැමදාමත් සාමකාමී
මගෙ ළඟ නෑ වැළපෙන රැප් මගෙ ළඟ තියෙන්නේ අමුතුම ජාති
මට ඕනි මේ ජීවිතේ ආතල් බල්ලොවත් කන්නේ නෑ කාසී
වැඩි වාසී ලැබෙනවා නම්
ඕනිම දේකට දෙවියොත් සාක්කි
මේ සෙල්ලම මාරම ආතල් නවකයෝ වැටුණම අහසින්
අපි දැඟලුවේ හැමදාම එළිපිට උඹල නම් රැඟුවෙම රහසින්
එක ජාතියේ රැප් පේනවා ඉපදිලා වගේ අඩු මාසින්
මට සෙට් නෑ උඹලගේ තාලේ
රාමු කඩා පිට වුණා මා
හැමදෙනා විවේචණේ කළා මා
නිග සීමා නෑ මේක කලාවක්
උඹ බෑ කීව දේවල් කළා මා
මගේ හේවිසි පෙරහැර දැන් ළඟ ළඟ
අඩුපාඩු කියන්න කට මැද මැද
උඹ ඉන්න බව මම දන්නවා
මම හතුරගෙනුත් වැඩ ගන්නවා
මේක තමයි ලෝකෙ ස්වභාවේ
හොඳ නරකයි මැන්නේ තුලාවේ
තුලාව නම් අපි කරාපු කර්මේ
දැන් රැපර්සලා ලා කියන්නේ ධර්මේ
කාපු කට්ට ගැන දේශනා දෙන උන්
කාලා නෑ බන් මේකේ රියල් කටු
බොරු බයිලා එපා බන් ඒකයි උඹලගේ
වදන් වල කොලිටියත් අඩු
පාවෙන ජාති
වැඩි භාවිත හින්දා මේ ජීවිතේ හැමදාමත් සාමකාමී
මගෙ ළඟ නෑ වැළපෙන රැප් මගෙ ළඟ තියෙන්නේ අමුතුම ජාති
මට ඕනි මේ ජීවිතේ ආතල් බල්ලොවත් කන්නේ නෑ කාසී
වැඩි වාසී ලැබෙනවා නම්
ඕනිම දේකට දෙවියොත් සාක්කි
මේ සෙල්ලම මාරම ආතල් නවකයෝ වැටුණම අහසින්
අපි දැඟලුවේ හැමදාම එළිපිට උඹල නම් රැඟුවෙම රහසින්
එක ජාතියේ රැප් පේනවා ඉපදිලා වගේ අඩු මාසින්
මට සෙට් නෑ උඹලගේ තාලේ
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි