නීල නුවන් යුග කවියක් විය ඔබගේ
Neela Nuwan Yuga Kaviyak Viya Obage
  • Teledrama : Rekha
  • Year : 1983
  • Category : Tele Drama
  • Lenght : 03:48

  • Song

    නීල නුවන් යුග කවියක් විය ඔබගේ ගී පද / Neela Nuwan Yuga Kaviyak Viya Obage Lyrics

    ආ....ආආ ආ..ආ..ආ..ආ... ආආආ..
    ආආආ..ආ... - ආආආ..ආ....
     
    නීල නුවන් යුග කවියක් විය ඔබගේ...
    පන්හිඳ තුඩඟේ පැටලී
    ඇයගේ.. හදින් ගැලූ.. සෙනෙහස
    සිතුවමක් විය තෙලිතුඩඟේ දැවටී..
     
    පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
    පිළ මත හිඳ හිමිදිරියේ...
    පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
    පිළ මත හිඳ හිමිදිරියේ
    ඇයගේ දෑසින් කියවූ කවියද මුමුණන්නේ...
    තනි වී..
     
    නීල නුවන් යුග කවියක් විය ඔබගේ..
    පන්හිඳ තුඩඟේ පැටලී..
    ඇයගේ.. හදින් ගැලූ.. සෙනෙහස
    සිතුවමක් විය තෙලිතුඩඟේ දැවටී..
     
    රළ රැලි හඬනා පුලින තලාවේ නැවතී
    දේදුනු සායම කලතා...
    රළ රැලි හඬනා පුලින තලාවේ නැවතී
    දේදුනු සායම කලතා
    ඇගේ හදේ දුටු සිතුවම දෝ ඔබ සමරන්නේ...
    තනි වී..
     
    නීල නුවන් යුග කවියක් විය ඔබගේ..
    පන්හිඳ තුඩඟේ පැටලී..
    ඇයගේ.. හදින් ගැලූ.. සෙනෙහස
    සිතුවමක් විය තෙලිතුඩඟේ දැවටී..

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS