HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
කොහොඹ කණුවේ රැහැයියො ඉන්නවා උන් රෑ මගෙ තනිකම මකනවා නුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා රෑ හීනෙන් ඇවිදින් ඉන්නවා උඹ කකුලෙන් අදිනවා දැනෙනවා මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා ඒත් අසලින් ඇවිදින් ඉන්නවා මට ඒ බව ඉඳහිට දැනෙනවා නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා රෑට හීනෙන් ඇවිදින් ඉන්නවා නුඹ කෙනිත්තුවා මට දැනුනා රැහැයියො නාඩන් හාමිනෙ තවමත් ඉන්නවා සුදු පාටින් නෑ සිල් රෙදි කහ පාටට හැරිලා සේපාලිකා මල් සංකාවෙන් තනියම පිපිලා පිපුණු පැණිකොමඩු මල් එතැනම පරවී වැටිලා මගේ පොඩී එකී තුන් මාසෙන් පසු ගම යනවා ගේ මැද පාළුයි මතකය පෑරෙයි යන එන හැම තැන නුඹ මැවිල පෙනෙයි ඉරිඟු හේන මහා ඔත්පල වෙනවා මගෙ ඇතින්නියේ නුඹ මහ ඇල අරගෙන යනවා හතර පෝයට නුඹ සිල් ගන්නවා උරබන්දිය විස්තර අහනවා නුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා වැඳපු දෙවිවරු නෑ අද වඩිනවා නුඹ මඟහැරලා උන් ඉන්නවා මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා හවස් යාමෙට නුඹෙ කවි ඇහෙනවා මම දෑස් වසාගෙන අහනවා නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා වැරදිකාරයෝ මුනිවත රකිනවා දඬුවම් නැති බව උන් දන්නවා නුඹ උදුරාගිය ඇල තවමත් ගලනවා රෑට හීනෙන් ඇවිදින් ඉන්නවා නුඹ කෙනිත්තුවා මට දැනුනා රැහැයියො නාඩන් හාමිනෙ තවමත් ඉන්නවා "ඉමං භික්ඛං සපරික්ඛාරං ඉමස්මී..නසින්නස්ස භික්ඛු සංඝස්ස දේම...." පාලි පාඨයෙහි සිංහල අර්ථය : මේ මතක වස්ත්‍රය සඟ සතු කොට පූජා කරනු ලැබේ.
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS