සව්ලෝ සත නෙකSawlo Satha Neka
සව්ලෝ සත නෙක ගී පද / Sawlo Satha Neka Lyrics
සව්ලෝ සත නෙක
දුකින් මුදාලා
මතු සංසාරේ
ඔබ බුදුවන දා
මා මුදු කෙහෙරැලි
පාවඩ කරනට
පින ඇති වේවා
මතු දවසේ...
පෙරුම් පිරූ නෙක
පෙර සංසාරේ
යුග ගෙවමින් බැඳුණෙමි
ඔබ සෙවණේ
නෙක සැප වින්දෙමි
නෙක දුක් වින්දෙමි
බිම්බා දේවී
විලසින්නේ...
පිං ඇති කුමරෙකු
කුසින් දරාලා
ඒස හි තුයිහ පිතා
නරසීහෝ
යනුවෙන් ඔබ යන
මඟ පෙන්වන්නට
පින ඇති වේවා
මතු දවසේ...

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS