Mada Seetha Nala Rella
මද සීත නල රැල්ල දැඟලිල්ල පා
  • Film : Wahal Dupatha
  • Year : 1968
  • Category : Film Song
  • Lenght : 03:32

  • SongCopyCoverKaroke

    Mada Seetha Nala Rella ගී පද / මද සීත නල රැල්ල දැඟලිල්ල පා Lyrics

    මඳ සීත නල රැල්ල දැඟලිල්ල පා 
    කැලඹිල්ල දී දසත විසිරී ගියා 
    සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී 
    පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා...
     
    ඔය බැල්ම දෙන කැල්ම සුර ගීත පා 
    සුරතල් ම බව පේන රහසක් කියා 
    දුක තැල්ම නැතිවී සිත ඇල්ම මතුවී 
    පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා...
     
    සුදු සේල මිහිඳුම් අවටින් බැඳී 
    නිල් ලෝකයේ එළිය නොපෙනී රැඳී
    මගෙ දෑස පාදන්න ඔබෙ දෑස මට දෙන්න 
    ඔබ මාගෙ ජීවේ සදා...
     
    ඔය බැල්ම දෙන කැල්ම සුර ගීත පා 
    සුරතල් ම බව පේන රහසක් කියා.. 
    දුක තැල්ම නැතිවී සිත ඇල්ම මතුවී 
    පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා...
     
    මගෙ දෑස ඔබ ගන්න ඔය දෑත මට දෙන්න 
    යුග ගීත පවසන්නකෝ..
    ලොව මිහිර නරඹන්න මධු මිහිර රස බොන්න 
    ඔබ මාගෙ ජීවේ සදා...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS