අවාරේ මහ අනෝරාවක තෙමී ගී පද / Aware Lyrics
අවාරේ මහ අනෝරාවක තෙමී
සමනොළ කන්ද නැගලා
මගේ හිස සිරි පතුලේ ගාවා
නැවතුනේ නෑ අම්මා
ලපටි ඉර මල නෙලා ගන්නට
අහස දෝතට ලංකලා
මහා ගංගා හුස්ම ගන්නා
නොසිඳෙනා දිය කඳුර සොයලා
සෙනෙහෙ ලේ කිරි එයින් තවරා
නැවතුනේ නෑ අම්මා
සිඟිති දිය උල්පතක් පෙන්නා
මුහුදටම යන පාර කිව්වා
කඳුලකට කහ දියද ඉහලා
ලදැල්ලක පිණි පබළු මතුරා
නෙලුමකින් මා ලයේ ගලවා
නැවතුනේ නෑ අම්මා
ලඟින් දළදා සමිඳු තියලා
පිරිත් කියනවා තාම අම්මා
