ආයේ
Aaye
  • Category : Music Video

  • Song

    ආයේ ගී පද / Aaye Lyrics

    ආයේ  
    කවදා හෝ 
    මේ පාරේ 
    මුණ ගැසුනොතින් 
     
    පෙර වාගේ මං 
    සිනාසී 
    සිත් ඇතුලේ 
    අපේ කහටවල් නැත්තේ 
     
    කෝඩුකාර සිතට හැඟෙන දැනෙන තරම 
    ලොවට දැනෙන ලෙසට ගයමි අහගන්නට 
    ඉගෙන ගත්ත වුනාට degree දෙක තුනක්ම 
    ආතක් පාතක් නැතුව අවේ ලංකාවට
     
    කාත් කරුවත්ම නැතිව තනිව ගහන රිද්ම 
    වැරදි සොයන නුඹට ඉවසගන්න බැරි වුනාද 
    ගිටරයත් එක්ක කියපු රැප් ගීතය හිට් වුනාට 
    හෙළුවෙන් ඉන්නා බවටයි පැතිරුනේ ඒ කට කතාව 
     
    අතර මගදී කන්න බොන්න සල්ලි නැතුව හොයපු අදායම 
    තැබරුමට ආපු නාපු අයට ගයපු අතමාරුව 
    රෑට ණයට ගෙදර යන්න ඉංධන මදි වාහනයට 
    තල්ලු කරපු සැමට මගේ හද පතුලේ ස්තුතිය  
     
    ආයේ  
    කවදා හෝ 
    මේ පාරේ 
    මුණ ගැසුනොතින් 
     
    පෙර වාගේ මං 
    සිනාසී 
    සිත් ඇතුලේ 
    අපේ කහටවල් නැත්තේ 
     
    වැටෙන වැටෙන තැනදී අල්ලගන්න අත හිත දුන් ලුණු 
    සදහට සරණයි තිස් තුන් කෝටියක් දෙවි වරු 
    බොරුවට ලස්සන ලෝකෙට යකා නටන හොරු 
    ඉරිසියාව මූනට නොකියා දාපන් මට නඩු 
     
    රසිකයන්නට දඟලන්නේ වේදිකාව උඩ 
    සැකක් නැතුව ඉගෙනගන්න දේවල් ඇත  මට 
    එදා හිටපු කෙල්ල තමයි තාමත් හිත යට 
    ගැට ගහගෙන මේ වෑයම නොවේ රජ වන්නට 
     
    අපි ගොඩ ගහ ගෙන 
    මැරන වලට අරන් යන්න හෙට සැරසෙනවද 
    තව කෙනෙක් ගොඩ යන්න 
    හිනා වෙලා පිනට දෙන්න දානයක්ම ලෙස 
     
    ආයේ  
    කවදා හෝ 
    මේ පාරේ 
    මුණ ගැසුනොතින් 
     
    පෙර වාගේ මං 
    සිනාසී 
    සිත් ඇතුලේ 
    අපේ කහටවල් නැත්තේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS