ආදර චාරිකා ගී පද / Adara Chaarika Lyrics
ආදර චාරිකා ජීවන චාරිකා
සිතිවිලි අත්වැල් බැඳ යන
ආදර චාරිකා...
දේදුනු මාලිගා ජීවන මාලිගා
ආදර සිතකින් හදනා
ජීවන මාලිගා...
කෝමල රේඛාවක් අඩ නින්දෙන් පිබිදිලා
මිලාන අහසේ දේදුන්නක් මෙන් පායලා...
අනංග මල් හීයෙන් පැටලී ආ ඇමිණිලා
අසෝක මල් පෙත්තක් යයි සුළඟේ පාවෙලා...
සුරම්‍ය සීන ලොවේ යන විට පෙම් චාරිකා
ප්‍රසන්න කැල්ම නඟයි චංචල නෙත් තාරුකා...
තුෂාර කඳුළු විමන් මල් වැස්සේ සෝදලා
එක්ටැම් ගෙයට උඩින් දේදුන්නක් පායලා...
