ආදරය සුන්දර වරදකි
Adaraya Sundara Waradaki
  • Category : Music Video
  • Lenght : 02:11

  • Song

    ආදරය සුන්දර වරදකි ගී පද / Adaraya Sundara Waradaki Lyrics

    ආදරය සුන්දර වරදකි....
    කිසිදා සමාවක් නම් නැති....
    මට පෙන්නලා ආලේ හැටි....
    උඹ දුන්න දුක හොඳටම ඇති....//
     
    ඉඳුවර නුවන් දෑලේ වැටි පෑගී
    දැහැනේ වෙලී උන්මාද වූයේ මා
    වෙනෙකෙකු දිහා බැලුමට යළිත්
    මට නෙත් නැතැයි කෙඳුරැවේ කවුරැන්දො
     
    ආදරය සුන්දර වරදකි....
    කිසිදා සමාවක් නම් නැති....
    මට පෙන්නලා ආලේ හැටි....
    උඹ දුන්න දුක හොඳටම ඇති....
     
    පුළුලුරැ තලා වීණා බඳේ දැවටී
    රතැඟිලි බැඳි නින්නාදයේ අනුරා
    හද ස්වර තලා කම්පිත වෙවී
    මට මා පවා නැති කලේ කවුරැන්දො
     
    ආදරය සුන්දර වරදකි....
    කිසිදා සමාවක් නම් නැති....
    මට පෙන්නලා ආලේ හැටි....
    උඹ දුන්න දුක හොඳටම ඇති....//

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS