ඈගේ පහසින් ගී පද / Age Pahasin Lyrics
ඈගේ...
පහසින් මත් වූ සුවඳේ
පැටලී පාවී හද පියඹා...
මේ රෑ...
ඉවසුම් නොදේ
කැලඹීලා...
මී විත මා මුව යා වෙලා
රෑ අඳුරේ මුලු ගැන්විලා
ඈ ඇසුරේ හද නිවුණා
රහසින් රහසේ පාවෙලා...
ඒ නෙත ඒ හිත මා සොයා
මා සතපා මන්මත් කළා
ඒ මොහොතේ හිතට හොරා
දෑසින් කඳුළක් වෑහුණා...

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS