අමුතුම මලක්
Amuthuma Malak
  • Category : Music Video

  • Song

    අමුතුම මලක් ගී පද / Amuthuma Malak Lyrics

    ආයු කාලේ නිමා වෙන්නට කලියෙන් ගෙන ආව
    කවුරු කවුරුත් වෙහෙස වෙන්නේ අරමුණු වෙත යන්න
    හොඳම කාලේ ගෙවී යනකොට ජීවිතයේ තියෙන
    මගේ ලෝකේ රිදුණු තැන් වල වැඩිපුර හිටියෙ නුඹ
     
    අමුතුම මලක් වාගෙ ලස්සනක් දැක්කෙ මං  ඔබ ගාවයි
    ඒ සුන්දරත්වයට පැල්ලමක් එකතු වෙයි හරි ලෝබයි
    ඔය අත් දෙකෙන් දුන්න ආදරේ රහට නම් තව ආසයි
    හිත නිස්කලංකවම පැත්තකට වෙන්න දැන් අවස්ථාවයි
     
    මෙන්න කියා පෙන්නුවත් හිතේ යට තියෙනා දේ මිනිසුන්ගේ
    දන්න කෙනෙක් කොහෙවත් නෑ හරියට පොතේ පතේවත් නැහැනේ
    සතුටයි සහ කඳුලයි මැද ඇත්තේ නූලක වෙනසයි
     
    පින්න වැටී දිස්නයක් ගෙනාවට ඉර දැක්කම හැංගේවී
    ඉන්න හිතපු අය ලඟින් ඉන්නවද යන්න හිතෙනකොට යාවී
    ඔබවයි සහ මාවයි මේ සොබාදහමටත් මතකයි

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS