අන්දර යායේ වැව් තාවල්ලේ
Andara Yaye Waw Thawalle
  • Category : Music Video
  • Lenght : 04:45

  • Song

    අන්දර යායේ වැව් තාවල්ලේ ගී පද / Andara Yaye Waw Thawalle Lyrics

    අන්දර යායේ වැව් තාවල්ලේ
    සක්මන් කරනා අප්පච්චී
    දොළේ දියයි මට කෙතේ නිලයි
    ගහ වැලේ මලයි මට අප්පච්චී..//
     
    වලාකුළේ දා බිඳු තවරා
    මහ පොළොවට මහ වැසි ගෙනෙනා
    වලාකුළේ දා බිඳු තවරා
    මහ පොළොවට මහ වැසි ගෙනෙනා
    දිවි ගමනේ ඉම කඳු මුදුනේ ඉඳ
    පිතු සෙනෙහේ කඳුළැලි සලනා
     
    අන්දර යායේ වැව් තාවල්ලේ
    සක්මන් කරනා අප්පච්චී
    දොළේ දියයි මට කෙතේ නිලයි
    ගහ වැලේ මලයි මට අප්පච්චී
     
    තුරු හිස මුදුනේ මල් පලඳා
    කැකුළු මුවට පලවැල නෙළුවා
    තුරු හිස මුදුනේ මල් පලඳා
    කැකුළු මුවට පලවැල නෙළුවා
    ඒ දඬු මං බැඳ සත්කුළු පව් බිඳ
    සිදාදියට එන මං තැනුවා
     
    අන්දර යායේ වැව් තාවල්ලේ
    සක්මන් කරනා අප්පච්චී
    දොළේ දියයි මට කෙතේ නිලයි
    ගහ වැලේ මලයි මට අප්පච්චී

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS