අප උදේ ගිහිල්ලා
Apa Ude Gihilla

Song

අප උදේ ගිහිල්ලා ගී පද / Apa Ude Gihilla Lyrics

අප උදේ ගිහිල්ලා 
යළි හවසට එනවා
ඒ අතරේ ඒ පැය අට 
බොරුවෙන් ගත වේ නම් 
අපත් එතැනමයි 
රටත් එතැනමයි...
 
කල් ගත වී දූවිලි කුණු වැදිලා
මේසය මත ලිපි ගොනු ගොඩ ගැසිලා
ඔට්ටු කොළේ නුදුටු සතුන් හොයලා
සුසුම් මැදින් තව දවසක් ගෙවිලා
අපත් නැවතිලා 
රටත් නැවතිලා...
 
පැයේ විවේකය පැය තුන වීලා
බමන මතින් නෙතු යුග රතු වීලා
ඉතුරු ටිකේ පුරසාරම් දොඩලා
රටක පැතුම් කඳුළට මුසු කරලා
අපත් නැවතිලා 
රටත් නැවතිලා...

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS