ඇසට අසුවන මායිමේ ගී පද / Asata Asuwana Maime Lyrics
ඇසට අසුවන මායිමේ
බඹර සැනකෙලි මල් විලේ
ලසෝ ලැවු ගිනි ඇවුලුනා සිත
ඔබ මගෙන් වෙන්වු දිනේ..//
සිය පතක් මත විසුල පිනි කැට
සැඩ සුලන් වැද සර සරින් හෙට
සිය පතක් මත විසුල පිනි කැට
සැඩ සුලන් වැද සර සරින් හෙට
මගෙන් රිදවුනු දැවුනු මොහොතක
ඔබේ වත මට නැගෙයි සිහියට..
ඇසට අසුවන මායිමේ
බඹර සැනකෙලි මල් විලේ
ලසෝ ලැවු ගිනි ඇවුලුනා සිත
ඔබ මගෙන් වෙන්වු දිනේ
සතර අත පෙති විහිද වික සිත
මලේ මල් මී මමණ යුරු දැක
සතර අත පෙති විහිද වික සිත
මලේ මල් මී මමණ යුරු දැක
ඔබේ ලවනත සැදුනු මී විත
මත් කලා මතකයි මගේ සිත..
ඇසට අසුවන මායිමේ
බඹර සැනකෙලි මල් විලේ
ලසෝ ලැවු ගිනි ඇවුලුනා සිත
ඔබ මගෙන් වෙන්වු දිනේ..//
