අතීතය සිහිනයාක් පමණයි
Athithaya Sihinayak Pamanai
  • Lenght : 03:33

  • Song

    අතීතය සිහිනයාක් පමණයි ගී පද / Athithaya Sihinayak Pamanai Lyrics

    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවඳක් නෑ
    එදා සෙනෙහෙන් නොබැඳුනා නම්
    මෙදා වියෝවක් නෑ…
     
    තැනූ මන්දිර බිඳී වැටුනත්
    නෙතේ කඳුළක් නෑ
    සිනහ වෙන්නට වරම් නොලදත්
    සිතේ කිලුටක් නෑ…
     
    අතීතය සිහිනයක් පමණයි…
     
    සොබා දහමට නොවන අවනත
    ලොවේ කිසිවක් නෑ
    ලොවේ පැරදුම මිසක කිසිදා
    ලැබූ දිනුමක් නෑ…
     
    අතීතය සිහිනයක් පමණයි…

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS