බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස ගී පද / Badda Pura Sudu Redda Lyrics
බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස
ඉද්ද පනා මල් කැන් පිපිලා..//
සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ලද..//
නැද්ද කනෙයියනි රොන් හැදිලා..
බැද්දට මල් වරුසාවක් වැහැලද
නිල් කොල පිට ඒ මල් පොද ඉහිලද..//
පාර වටේ ඇති සේරම ගස්
සරු සාර හැඩයි ගෙඩි හට ගැනිලා..
ගෙඩි හට ගැනිලා..
පේර දිවුල් පලු වීර ඉදී එන
වාරෙ වගෙයි මී පැණි පිරිලා..
බැද්දට පැණි වරුසාවක් වැහැලද
ගස්වල ගෙඩි පැණි වැස්සට තෙමිලද..//
රෑන ගිරා සැළලිහිණි කුරුල්ලන්..
සීනු හඬින් රස ගී ගයලා..රස ගී ගයලා
තාන තනා තම් දාන කියා
එළිමාන වටේ කැරකේ නටලා..
බැද්දට ගී වරුසාවක් වැහැලද..
ගී පොද මේ හොට අස්සට පෙරිලද..//
