බක් මහටයි ගොඩ වැස්ස ගී පද / Bak Mahatai Goda Wassa Wahinne Lyrics
බක් මහටයි ගොඩ වැස්ස වහින්නේ
බක් මහටයි අවුරුද්ද පුරන්නේ....
බක් මහටයි හෙණ විදුලි කොටන්නේ
බක් මහටයි අපි දීගෙක යන්නේ....
මහ වැහි වහිනා බක් මාසේ
හෙණ හඬ තලනා බක් මාසේ
කොවුලන් හඬනා බක් මාසේ
පැණි රහ කැවෙනව බක් මාසේ....
කැන්දන් යන්නෙත් බින්න බහින්නෙත්
දෙන්නා කැමැත්තෙන් හැංගිලා යන්නෙත්
මංගල මාසේ මංගල මාසේ
මංගල මාසේ බක් මාසේ.....
