බලන ගලේ විහාරයට පෑයු සඳකි ගී පද / Balana Gale Viharayata Lyrics
බලන ගලේ විහාරයට පෑයූ සදකී
පෙරහැර දා නුවර ඇවිත් මට හිමි සාවී
නුඹ හිටියේ රජ වීදියේ වාගෙයි කුමරී
පෙරහැර නෑ මං දැක්කේ මගේ සද සාවී
නපුරු වෙලා වෙන අහසක පෑයූ කුමරී
නුඹ බසිනා මග තාමත් ඝටිකා රාමේ
හීන අරන් ඔබ මා ගිය වීදි පුරා මේ
අමාවකට එළිය කලේ නුඹයි සදවතී
පෙමට බැදලා අපි ආගිය මේ සංසාරය
නිවනට මග කියාදුන්නෙ අටමං සංදිය
නිවාගන්න මේ ඇවිලෙන නුඹේ මතකය
මම හැඩුවා උතුරනකන් නුවර වැව් දිය
බලන ගලේ විහාරයට පෑයූ සදකී
පෙරහැර දා නුවර ඇවිත් මට හිමි සාවී
නුඹ හිටියේ රජ වීදියේ වාගෙයි කුමරී
පෙරහැර නෑ මං දැක්කේ මගේ සද සාවී
