බඹරෙකු හැඬුවා.. මලක් ළඟදි බඹරෙකු හැඬුවා ගී පද / Bambareku Handuwa Malak Langadi Lyrics
බඹරෙකු හැඬුවා
මලක් ළඟදි
බඹරෙකු හැඬුවා
හැඬුවා.....
මලක් ළඟදි බඹරෙකු හැඬුවා
ඇහේ කඳුළු ඇති
ඒ බඹරිදු දැක
හඬන්නෙ ඇයි දෝ
[මල ඇසුවා]//
ලන්ද එහා ඇති ඕවිට පාමුල
කේතකි මල මට බහ දුන්නා
කවුදෝ ඇවිදින් එමල නෙලූ බව
ඉකිබිදිමින් බඹරිදු කීවා
ඇහේ කදුළු නොව හිතේ කදුළු දැක
ඇයටත් හරියට දුක හිතුනා
එහෙනම් මාවෙත පියඹා එන්නයි
සෙනෙහෙ සිතින් ඒ මල කීවා
බඹරෙකු හැඬුවා.....
