දහසක් මල් පිපිලා ගී පද / Dahasak Mal Pipila Lyrics
දහසක් මල් පිපිලා
සතුටු සිනා
මගේ ලොව පිරිලා
ඔබේ අත මට ලැබිලා
අද අපගේ
සිහින සැබෑවීලා
ඔබේ සිතයි මගේ සිතයි
සදාදරේ සුවේ ලබයි
ඔබේ සෙනේ වෙනස් නොවේ
ඉරයි හඳයි වගේ තියේ
දහසක් මල් පිපිලා
සතුටු සිනා
මගේ ලොව පිරිලා
ඔබේ අත මට ලැබිලා
අද අපගේ
සිහින සැබෑවීලා
මගේ සිතුම් ඔබේ පැතුම්
සමාන වී සදා බැදේ
ඔබේ ලොවේ සුසුම් නැතේ
වසන්තයයි උදා උනේ
දහසක් මල් පිපිලා
සතුටු සිනා මගේ ලොව පිරිලා
ඔබේ අත මට ලැබිලා
අද අපගේ සිහින සැබෑවී
දහසක් මල් පිපිලා
සතුටු සිනා මගේ ලොව පිරිලා
ඔබේ අත මට ලැබිලා
අද අපගේ සිහින සැබෑවීලා
