දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Dan Ithin Wena Kumak Karannada

Song

දැන් ඉතින් වෙන කුමක් කරන්නද ගී පද / Dan Ithin Wena Kumak Karannada Lyrics

ඉර හඳට වඩා අපි ඈත බව
දන්නවා
ඒ වුණත් අහම්බෙන්
එකම එක මොහොතකට
ඔබට මා හමුවෙලා
 
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
ආ..දරය කරනු මිස
ආ..දරය කරනු මිස
 
ලාල ලාල ලාලලා..
 
මහා පතරංගෙටත් වඩා
දිග කතාවක
කොම්බුවක් තරම් නැතී අපේ ලව් සින්දුවේ
 
අන්තරා ...
පේළියක
සමන්තී
මා ඔබව ඉම්බා
පැය කටුව කුමකටද
ඔරලෝසු මුහුණකට
ඔරලෝසු මුහුණකට
 
කල්පයක් කියන්නේ
තත්පරෙන් බිඳක් නම්
තත්පරෙන් බිඳක් නම්
සාර සංඛ්‍ය කල්ප ලක්ෂයක්
මා ඔබට තුරුලුවී
නිදිබරව උන්නා
සමන්තී
සමන්තී
 
ඔබේ තොල්පෙති වැදී
මගෙ නළලේ කොණක
කේශ නාලිකාවක් පිපිරුණා
 
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
ආ..දරය කරනු මිස
ආ..දරය කරනු මිස
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
දැන් ඉතින් වෙන කුමක් කරන්නද

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS