දෑසේ කතාවෙන්.. හසරැල් ලතාවෙන්
Dase Kathawen
  • Lenght : 03:27

  • Song

    දෑසේ කතාවෙන්.. හසරැල් ලතාවෙන් ගී පද / Dase Kathawen Lyrics

    දෑසෙ කතාවෙන් හසරැල් ලතාවෙන්
    මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
    මනමාලියක් වී වෙනතක් බැලූ දා
    පර වී ගියේ නෑ මගෙ චේතනා
     
    නිමවූ කතාවන් ගොළු වී තියේ
    දෙනෙතේ මැවේ ඔබේ හසරැලි සිතේ
    කඳුලක් වුණා ඔබේ
    සෙනෙහේ මගේ ලොවේ
     
    දෑසෙ කතාවෙන් හසරැල් ලතාවෙන්
    මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
    මනමාලියක් වී වෙනතක් බැලූ දා
    පර වී ගියේ නෑ මගෙ චේතනා
     
    අද හෝ හෙටින් හෝ මතු කවර දා
    තනි වූවොතින් ලොවේ ඔබෙ කල්පනා
    පිළිගන්නෙමි සදා
    මා ඔබෙම වේ එදා
     
    දෑසෙ කතාවෙන් හසරැල් ලතාවෙන්
    මන බැන්දුවේ මා සෙනෙහේ ලතා
    මනමාලියක් වී වෙනතක් බැලූ දා
    පර වී ගියේ නෑ මගෙ චේතනා
     
    පර වී ගියේ නෑ මගෙ චේතනා //

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS