Then he kissed me " කියන්නේ 1963 දී The Crystal සංගීත කණ්ඩායම විසින් නිකුත් කරන ලද ගීතයක්.මෙම ගීතය පසු කාලීනව වඩාත් ජනප්‍රිය වෙනවා මාටින් ස්කෝසස් ගේ Goodfellas (1990) චිත්‍රපටයේ හෙන්රි සහ කැරන් සමාජ ශාලාවක මුළුතැන්ගෙය පැත්තෙන් ඇතුළු වීමේ දර්ශණයේ දී පසුබිමෙන් වාදනය වීමත් සමග. මේ ගීතය අපට ද හුරු පුරුදු එකක් විය යුත්තේ නීලා වික්‍රමසිංහ ගායන ශිල්පිනියගේ " දවසක් දා වසන්ත සැණකෙළියේ " ගීතයෙහි ඇත්තේ මෙම "Then he kissed me " හි තනුව/සංගීතය වීමයි
අනතුරුව The Beach Boys සංගීත කණ්ඩායමත් මෙම තනුව ආශ්‍රයෙන් 1965 දී "Then i kissed her" නමින් ගීතයක් ගයා ඇත.
copied
දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ ගී පද / Dawasak Da Re Wasantha Sanakeliye Lyrics
දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ
දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ
සවන් පිරූ සත්සර මැද්දේ
ඔහුගේ ගී හඬ මට ඇසුණේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
කලබල නගරේ යද්දී මද්දහනේ
නොසිතූ සේ ඔහු මා අසලින් ඇදුනේ
සවන් පෙළූ රිය හඬ මැද්දේ
ඔහුගේ ගී හඬ හිත රැදුණේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
හැමදා නින්දේ සිහින වැලේ සැඟවෙන්නේ
ඇයි හිත රිදවන්නේ
කිසිවක් නොකියන්නේ
ඔහු අත වෙනතක බැඳිලා දෝ නෑ දන්නේ
කොතැනද නවතින්නේ
කවුදෝ දන්නේ
දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ
දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ
සවන් පිරූ සත්සර මැද්දේ
ඔහුගේ ගී හඬ මට ඇසුණේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ
දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ
සවන් පිරූ සත්සර මැද්දේ
ඔහුගේ ගී හඬ මට ඇසුණේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
