දෙනුවර මින් පසු ගී පද / Denuwara Minpasu Lyrics
දෙනුවර මින් පසු එක නුවරක් මෙනි
ඔබෙ හදවත මහදෙහි සෙවණැල්ලකි
යළි හෙට දිනයෙත් අපි හමු වන්නෙමු
අපි සක්විති රජ කිරුළු පැළැන්දෙමු
ළිංතොට ගංතොට ආදි තැනේ යා
මල්මද බිසවුනි ඔබ හමු වූවා....
සෙනෙහස් අරුණලු කිරණ ගෙනාවා
නොදනිමි ඔබ මගෙ හද වෙත ආවා....
දැහැනකි ඔබ මගෙ හදවත බන්ධන
සෙනෙහස මිතුරෙකි දුක් ගිනි සින්දන...
දිනයක් එළඹෙනු ඇත මන නන්දන
අසෙනිය මල් මත සිරිකත කැන්දන...
