දෙව්දුවයි ගී පද / Dewduwai Lyrics
තනිවී සඳ එලියේ මට නුහුරුකම් ගෙනා
ඇඳුනේ ඔබ මා හද උද්‍යානයේ පුරා
කිසිදාක හිනැහුනේ
නැතිමුත් නුඹයි සදා
සසරේ පැතූවේ එය මං දන්නවා
හද අඹරේ ඈ රූ පායලා
සඳවත වාගේ ඉන්නේ ලංවෙලා
ඒ නීල දෑස මාගෙ වීලා
මුළු ලොවම දිනූ රජෙකු සේ මා දෙවියන් මැවු දෙව්දුවයි මට ඔයා
හැදුනේ එක නගරේ නෑ ඒත් හමුවෙලා
මිතුරන් දැන උන්නත් අපි දෙතැනකට වෙලා
අපි එකම වීදියේ
ආ ගිය තරම් එදා
නෑ මට ඔයාගේ දෙනුවන් හමුවෙලා
සසරේ පුරා පැතුවේ ඔයා ඉක්මන් නොවී කල්යල් බලා දෙවියන් සදා අපි ලංකලා
හැමගේ සිනා පැතුමන් මැදින් දෙව්ලොව ඉඳන් දෙව්ලිය ඇවිත් මගෙ ලෝකයේ කුමරිය වෙලා....
