දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
Digu Dasa Dutuwama
  • Category : Music Video
  • Lenght : 05:08

  • Song

    දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම ගී පද / Digu Dasa Dutuwama Lyrics

    දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
    උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
    බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
    මට දෙන්න මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ
     
    දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
    උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
     
    රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
    තරු පවා හඬනවා ඔබට නෑ තේරෙන්නේ
    හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
    මට දෙන්න මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ
     
    දිගු දෑස දුටුවාම......
     
    පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ
    පෙනෙනවා දකිනවා නිහඬ රෑ දුර අහසේ
    දුරම මිස ළඟ නැතිද අහනවා නෙතු මාගේ
    කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ
     
    දිගු දෑස දුටුවාම......

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS