දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම් (Cover)
Duka Danne Wena Kauda As Deka Tharam (Cover)
  • Lenght : 01:39

  • ORIGINAL SONG INFO
  • Vocal : Roshan Fernando
  • Lyrics : Laxman Hilmi
  • Music : Roshan Fernando

  • SongOriginal Song

    දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම් (Cover) ගී පද / Duka Danne Wena Kauda As Deka Tharam (Cover) Lyrics

    දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
    මම උන්නේ ඔබේ වෙන්න අත් දෙක අරන්
    එනමුත් අපේ කරුමේ එක්කල තවත්
    සැනසෙන්න බෑ ඒ තුල ඇත්තෙම දුකක්
     
    දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
     
    හැරයන්න ආදරයෙ නිර්මල පැතුම්
    පාරන්න හිතුවාද ඇති කර ගැටුම්...//
    වැළපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
    පෑහෙන්නෙ නෑ වැරදි කාරියෙ ඉතින්
     
    දුක දන්නෙ වෙන කවුද...
     
    ගණදුරට පෙම් බදින තරු යායට
    මල් යාය විකසිත වෙලා කුමකට...//
    මං ආයෙ හිනහෙන්න උර මඩලට
    ලන් වෙන්නෙ නැ කදුළු පුජා කර
     
    දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
    මම උන්නේ ඔබේ වෙන්න අත් දෙක අරන්
    එනමුත් අපේ කරුමේ එක්කල තවත්
    සැනසෙන්න බෑ ඒ තුල ඇත්තෙම දුකක්

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS