දුර ඈත අතීතයේ.. ඔබ හා ඇවිද ගොසින් ගී පද / Dura Atha Atheethaye Lyrics
දුර ඈත අතීතයේ
ඔබ හා ඇවිද ගොසින්
ආසයි ආ මග ආයෙත් එන්නට
අප පෙම බිඳුණු තැනින්...
දුර ඈත අතීතයේ
ඔබ හා ඇවිද ගොසින්...
බොළඳ සිහිනයකි මා සිත දකිනා
සැබෑ ලොවක ඉටු නොවනු ඇති
එනමුදු තාමත් සිහින මැවෙනවා
මතකය හදවත පතුලේ රැඳී...
දුර ඈත අතීතයේ
ඔබ හා ඇවිද ගොසින්
ආසයි ආ මග ආයෙත් එන්නට
අප පෙම බිඳුණු තැනින්
ඔබ සිත මා සිත දෙලොවක රැඳුනා
නොසිතූ නොපැතූ ලෙසින් ගැටී
එනමුදු තාමත් සිහින මැවෙනවා
මතකය හදවත පතුලේ රැඳී....
දුක ඈත අතීතයේ
ඔබ හා ඇවිද ගොසින්
ආසයි ආ මග ආයෙත් එන්නට
අප පෙම බිඳුණු තැනින්
දුර ඈත අතීතයේ
ඔබ හා ඇවිද ගොසින්......
