එදා මෙදාතුර කඳුළට විවරවු (Karoke)
Eda Meda Thura Kadulata (Karoke)
  • Lenght : 05:03

  • ORIGINAL SONG INFO
  • Vocal : Sanath Nandasiri
  • Lyrics : Wimal Jayashantha
  • Music : Sanath Nandasiri

  • SongOriginal Song

    එදා මෙදාතුර කඳුළට විවරවු (Karoke) ගී පද / Eda Meda Thura Kadulata (Karoke) Lyrics

    එදා මෙදාතුර කඳුළට විවරවු
    දෑස් පියන්පත් කවුළු වසා
    ළයේ ගලා ගිය සෙනේහයේ සුව
    සිනා පෙරූ රත් දෙතොල පියා
    මිලාන වී ගිය රෝස කුසුම් පෙති
    කම්මුල් සුදු මැලි පාට පොවා
    දෑත ළයේ බැඳ අවසන් ගමනට
    සොඳුරිය මට නොකියාම ගියා
     
    දැස් කවුළු පත් පලා කඳුළු කැට
    වෑහෙද්දී මගේ දෑස් අගින්
    කාත් කවුරුවත් වෙතත් හිතයි මට
    පාත් වෙන්න ඔය මුවට උඩින්
    ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
    ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
    මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
    ඈත් නොවේමැයි ඒ සුවඳින්
     
    එදා මෙදාතුර කඳුළට විවරවු
    දෑස් පියන්පත් කවුළු වසා
    දෑත ළයේ බැඳ අවසන් ගමනට
    සොඳුරිය මට නොකියාම ගියා
     
    ඊයේ ඉපදී අද මිය යන්නට
    පෙරුම් පුරාගෙන උපන් ළයේ
    හීයේ වේගෙන් අහස උසට බැඳි
    ආදර ලෝකය හෙටත් තියේ
    ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
    ඇයි මේ ලොව මා තනිව ගියේ
    ආයේ දවසක එක හිත් ඇත්තන්
    වී අපි ඉපදෙමු එකට ප්රියේ
     
    එදා මෙදාතුර කඳුළට විවරවු
    දෑස් පියන්පත් කවුළු වසා
    ළයේ ගලා ගිය සෙනේහයේ සුව
    සිනා පෙරූ රත් දෙතොල පියා
    මිලාන වී ගිය රෝස කුසුම් පෙති
    කම්මුල් සුදු මැලි පාට පොවා
    දෑත ළයේ බැඳ අවසන් ගමනට
    සොඳුරිය මට නොකියාම ගියා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS