එහෙම දේවල් නෑ හිතේ මගේ
Ehema Dewal Na Hithe Mage
  • Category : Lyrics Video
  • Year : 2020

  • Song

    එහෙම දේවල් නෑ හිතේ මගේ ගී පද / Ehema Dewal Na Hithe Mage Lyrics

    එක රැයකට නුඹ මගේ කරගෙන..
    කාසි වලට මං කොහොම මනින්නද..
    නුඹව හඬවන නුඹව රිද්දන..
    එහෙම දේවල් නෑ හිතේ මගේ..
     
    කරකාර බැඳගෙන මගේ කරගෙන..
    නුඹ සිරකරගෙන හීන මවන්නට..
    මං වෙනුවෙන් තටු සිඳදාලන්නට..
    එහෙම දේවල් නෑ හිතේ මගේ..
     
    අයිතිවාසිකම් නැති නිවහල් වූ..
    සෙනෙහස ගලනා මනසක් ඇති වූ..
    මිනිසුන් බිහිවූ පොලොවක් නම් මෙය..
    කාසි වලට නුඹ දෙන්නේ කොහොමද...
    ආදරෙ කියලා හිත පිළිගන්නට..
    නුඹ තනිකර මගේ වෙන්නම ඕනෙද..
    තණ්හා,ආශා නුඹගැන මොකටද..
    එහෙම දේවල් නෑ හිතේ මගේ..

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS