එකම එක දවසක් තියේවි ගී පද / Ekama Eka Dawasak Thiyewi Lyrics
එකම එක දවසක් තියේවී
දෙනෝ දාහක් බලා සිටියත්
ඇවිත් යනවානම්
නුඹ ඇවිත් යනවානම්
දෑස් හැරලා කථා නොකළට
හඬන්නට තහනම්
ලොවට රහසේ බැන්ද ප්‍රේමෙන්
අපට එක මග එකට යන්නට
වරම් නැති බව දැනන් උන්නට
එකම එක දවසක් තියේ
ඇවිත් යනවා නම්...
සැන්දෑ අහසේ නැගි දුමාරෙන්
රුවත් අරගෙන නොපෙනී යන තුරු
කවුරු සිටියත් බලන් ඉන්නට
එකම එක දවසක් තියේ
ඇවිත් යනවා නම්...
