පෙම් කැකුළ පිපී එන විට මහදේ
Pem Kekula pipi ena wita mahade
  • Film : Sedasulan
  • Year : 1955
  • Category : Film Song
  • Year : 1955

  • Vocal

    A.
    M.
    Lyrics

    D.
    T.
    SongRemix

    පෙම් කැකුළ පිපී එන විට මහදේ ගී පද / Pem Kekula pipi ena wita mahade Lyrics

    පෙම් කැකුළ පිපී එන විට මහදේ
    එය පරව ගියා
    මා හෙළා මේ දුක් අන්ධකාරේ.. අන්ධකාරේ//
     
     
    බෝ කෲරයි අහෝ ලොව ධර්මේ
    මිල කළේ ඇයිදෝ ඔබ ප්‍රේමේ//
    මා පියඹ සුදෝ ඔබ තනිකර දා
    මට යන්ට වුණේ
    මා දුගී නිසයි මේ සමාජේ මේ සමාජේ
     
    ඔබෙ බිළිඳා මා තුරුළෙ හොවාලා
    නළවන්ටයි මා උන්නෙ බල බලා ...//
    ඒ පැතුම මෙමා හද පතුලෙ නැගී
    අද නිසරු වුණේ
    කෲර වූ නිසයි මේ සමාජේ මේ සමාජේ
     
    හඳ පායා සුනීල වූ අඹරේ
    ගිලුණා සේ වලාකුළු අඳුරේ ...//
    අප හදෙහි නැගී පෙම් එලෙස ගියා
    අඳුරෙහි ගිලිලා
    නිෂ්ඵලයි ජීවත්වීම ලෝකේ දුෂ්ට ලෝකේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS