ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා ගී පද / Gamata Kalin Hiru Muluthan Geta Wadina Lyrics
ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා..
ඒ හිරු ඒළියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවදේ අද ලොව්තුරු සුව විදිනා
කලා වැවේ නිල් දියවර අපේ අම්මා
රෑ කළුවර අරගෙන දරුවන් ඒනතුරු
සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර අැවිදින් ඉකිබිද හැඩුවත්
නෙත නෑ නිදි විදගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ සිහින දකින්නේ
මහමායාවෙනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදෙන්නේ
වෙල් දෙණි වල අැවිදින දෙපා රිදෙන විට
විහග ගීත බණ පද වේවා
බෝ මළුවක අැවිලෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා
මතු උපදින සසරේ විසාකාව වී
මෙත් මග නෙත් හමුවේවා
අැත් රැජිණියනේ ඔබෙ නැලැවිලි ගීතය
ලොවම නිවන කවියක් වේවා
ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා...
ඒ හිරු ඒළියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවදේ අද ලොව්තුරු සුව විදිනා
කලා වැවේ නිල් දියවර අපේ අම්මා
