HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
ගිම්හානේ හද නිවුණා.. මධුර වසන්තය මැවුණා
Gimhane Hada Niwuna.. Madura Wasanthaya Mavuna
Lenght :
03:58
Vocal
Angeline
Gunathilaka
Vocal
H.R.
Jothipala
Lyrics
Upali
Danawalawithana
Music
T.F.
Latheef
Song
ගිම්හානේ හද නිවුණා.. මධුර වසන්තය මැවුණා ගී පද / Gimhane Hada Niwuna.. Madura Wasanthaya Mavuna Lyrics
ගිම්හානේ හද නිවුනා
මඳුර වසන්තය මැවුනා
ගිම්හානේ හද නිවුනා
මඳුර වසන්තය මැවුනා
පාවෙන නිල් කදු රැල්ලේ
මීදුම් සලු ඇතිරිල්ලේ
දෑතින් දෑතම එතුනා
ගිම්හානේ හද නිවුනා
මඳුර වසන්තය මැවුනා
සුදු සද වියනේ
චන්දන අරණේ
තාරකා මල් තුරුලේ
ලා හිරු කිරණේ
දේදුනු සෙවනේ
නෙත් යාවෙන මංගල්ලේ
ජීවන තොටුපොළ
සොයා ඇදෙන තුරු
ආදරයේ රන් නෞකා
ඈතට ඉගිලෙන
සුදු පරවියනේ
ආසිරි ගීතය ගයනා
ගිම්හානේ හද නිවුනා
මඳුර වසන්තය මැවුනා
ගිම්හානේ හද නිවුනා
මඳුර වසන්තය මැවුනා
පෙර අත් භවයක
බලාපොරොත්තුව
මේ භවයේ හමුවූවා
නෙත් සර අංජන
තොල් පෙති රංගන
හෙට දවසක් ගැන සිතුනා
පුබුදු හිනාවට
කැකුළු කතාවට
ආශාවේ මල පිපුනා
ගඟුලෙ දිය රැලි
පවනෙ සැනකෙලි
ආදරයට සුබ පැතුවා
ගිම්හානේ හද නිවුනා
මඳුර වසන්තය මැවුනා
ගිම්හානේ හද නිවුනා
මඳුර වසන්තය මැවුනා
පාවෙන නිල් කදු රැල්ලේ
මීදුම් සලු ඇතිරිල්ලේ
දෑතින් දෑතම එතුනා
ගිම්හානේ හද නිවුනා
මඳුර වසන්තය මැවුනා
ගිම්හානේ හද නිවුනා
මඳුර වසන්තය මැවුනා
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS