හදේ උපන් ලදේ
Hade Upan Lande
  • Category : Music Video
  • Year : 2022

  • Vocal

    Skay
    Jay
    Lyrics

    Harshana
    K
    Song

    හදේ උපන් ලදේ ගී පද / Hade Upan Lande Lyrics

    හැමදාම රෑට අහසෙ දිලෙන තරු මල් වත්
    හැඩකාර ගෑනු ලමයෝ මට ඔබ රන් වන්
    රතු රෝස මල් කැලෑවෙ මල් කුමාරියවන්
    හරි ආදරෙයි ඔයාට ආලවන්තියෙ මන්
     
    මගෙ හදේ උපන් ලදේ
    නුබ මගේ වෙයන් නගේ
    ඉග වටේ පුලුල් හැඩේ
    ඇස් දෙකේ පොටත් ගියා මගේ..//
     
    හද පතුලෙ නැගෙන රාවේ
    ඔබ ගැනම කියන තාලේ
    හරි අමුතු දෙයකි ආලේ
    ඔබ රැජින මගෙ කතාවේ
     
    කලු වරල නිතබෙ ගෑවේ
    සුදු සුමුදු මුවට පෑහේ
    රුව ලපටි පෙනුම ඈගේ
    සැප දෙන්නම් මගෙ මාලිගාවේ
     
    ඒ පෙම්බරි ඔබ ලන් කරගන
    සුන්දර ඉර බැසයනකොට
    සිල් අරගන වගෙ බෑ ඉන්න ඔයා ලග
     
    ලස්සන පොඩි තොල් පෙති අග
    මත් වුන වන බඹරෙකි මම
    සිල් අරගන වගෙ බෑ ඉන්න ඔයා ලග
     
    ඕනා මට ආලෙන් වෙලෙන්න බෝමා
    රා ගින්න නිවා
    හැම තප්පරයම ලන් කරගන ඉන්න ඔයා
    මට කල්පයක් වත් තව ඕනා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS