හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන (Cover)
Hamuwennata Samugannata (Cover)
  • Lenght : 02:52

  • ORIGINAL SONG INFO
  • Vocal : Roshan Fernando
  • Lyrics : Kavi Keerthi Himi
  • Music : Roshan Fernando

  • SongOriginal Song

    හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන (Cover) ගී පද / Hamuwennata Samugannata (Cover) Lyrics

    හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
    දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
    අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
    අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින
     
    මලක නැවුම් සුවඳ පිරුණ සොඳුරු මද නල
    ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
    සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
    ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන
    ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන
     
    හමුවෙන්නට සමුගන්නට...
     
    නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
    ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
    ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනූ කඳුලට
    බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම
    බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම
     
    හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
    දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
    අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
    අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින
     
    අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින //

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS