හීනය
Heenaya
  • Category : Music Video

  • Vocal

    Suwahas
    Feat

    Smokio
    Lyrics

    Dulan
    ARX
    Rap Lyrics

    Smokio
    Song

    හීනය ගී පද / Heenaya Lyrics

    යං යං යං හීනෙට ඇවිදන් යං
    මංදාකිණියම පීරන්
    යං යං යං හීනෙට ඇවිදන් යං
    මංදාකිණියම පීරන්
     
    හීන කියන දේවල්
    ඇත්ත වෙන්නත් ඕනේ
    මගෙ හීන වෙනස්
    අමුතුයි දකින්නත් ඕනෙ
    මගෙ කරගන්නයි මට
    ඕනෙ මුලු ලෝකෙම
     
    ඔව් හීන ත්ත වෙන්නෑ තමයි හැමෝගෙම
    ඒත් කවුරුත් නැතත් විශ්වාසයි මට මාව
    වැපුරූ තරමටයි ලැබෙන්නෙ ඵලදාව
    එකදෙයයි ඉල්ලුවෙ බලන් අහස දිහාව
    නැති නොවී තියෙන්නයි අම්මගෙ මූනෙ හිනාව
     
    වාසනාව නෙවෙයි හැකියාවයි අංක එක
    ඒ ලැබුන ආශිර්වාදෙ ඉන්නෙ මම හංගගෙන
    පිලිගන්නම් මම හද නැත්තම් තරු යන එක
    මම එන්නෙ හදත් අරන් තරුත් වැස්සක් වස්සගෙන
     
    යං යං යං හීනෙට ඇවිදන් යං
    මංදාකිණියම පීරන්
    යං යං යං හීනෙට ඇවිදන් යං
    මංදාකිණියම පීරන්
     
    ඒ පොඩි ලෝක සිතියම
    මම මගෙ හීන හොයන්නෙ පීරන් මංදාකිණියම
    හැම වෙලාවෙම වෙන්නෑ ආස විදියම
    යකඩෙ හැඩකරන්නත් ඕන වෙනවා ගිනියම
     
    අපි ලබා ගත්තොත් මිසක් දේවල් ඉබේ ලැනෙන්නෑ
    ලේසි ක්රමෙන් ලැබෙන සතුට හිතේ රැදෙන්නෑ
    නෑ වේදිකාවට නැග්ග ගමන් තිරේ ඇරෙන්නෑ
    මගෙ හීන ඇත්තක් වෙනකම්ම මැරෙන්නෑ
     
    සුබ පතනව වගෙ මට හමා එන සුලගත්
    මල් වැසි මුමුණ ජයග්රහනයේ පුවතක්
    හීන හොයන නැවට උය්හ්සාහය රුවලක්
    හෙළ රැප් පොතට තවත් නමක් සුවහස්
     
    යං යං යං හීනෙට ඇවිදන් යං
    මංදාකිණියම පීරන්
    යං යං යං හීනෙට ඇවිදන් යං
    මංදාකිණියම පීරන්

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS