හුරතලේට කවි කියමින් ගී පද / Hurathaleta kavi kiyamin Lyrics
හුරතලේට කවි කියමින් එහෙ මෙහෙ ගිය මං
බාල බොළඳ බස් දොඩමින් කැලේ පැන්න මං
බාල වියෙන් පිටමං වී යොවුන් වියට පියමැන්නේ
ප්‍රිය ළඳුනේ නුඹ නිසාය
කැදලි පුරා කුරුළු පුරේ ආල හැඟුම් මැවෙනු දුටිමි
කැලේ පුරා ලතා ළපලු තුරුවැල් පෙම් කෙළිනු දුටිමි
එවන් දසුන් මා දුටුවේ....
ප්‍රිය ළඳුනේ නුඹ නිසාය
උනුන් හඹා දුවන පනින සමනල පෙම්වතුන් දුටිමි
රැලෙන් වෙන්ව පීනායන ආදරවන්තයින් දුටිමි
එවන් දසුන් මා දුටුවේ....
ප්‍රිය ළඳුනේ නුඹ නිසාය
