ඉගිල්ලිලා යන්න යං.. කෝ පිහාටු නෑ අනේ ගී පද / Igillila Yanna Yan Lyrics
ඉගිල්ලිලා යන්න යන්
කෝ පිහාටු නෑ අනේ
මුහුදු හතේ යන්න යන්
රුවල් හබල් නෑ අනේ
රජෙක් වෙන්න යන්න යන්
ඉහට ඔටුනු නෑ අනේ
අහංකාර විලම්බීත ඇයි...
ඉරු දේවයා වැඩියොත් තමා
බොල් පිණි කැට සැඟවී යන්නේ
සඳ දේවයා වැඩියොත් තමා
ඝන අඳුරේ පාළුව මැකුනේ
රජ මාලිගේ පොඩි පැල්පතේ
මිනිසුන්මය ඉපදී ඉන්නේ
ඒ කාරණා නොදනී මෙදා
ඇයි නොමිනිස්කම් මතු වන්නේ
ඉගිල්ලිලා යන්න යන්
කෝ පිහාටු නෑ අනේ
මුහුදු හතේ යන්න යන්
රුවල් හබල් නෑ අනේ
රජෙක් වෙන්න යන්න යන්
ඉහට ඔටුනු නෑ අනේ
අහංකාර විලම්බීත ඇයි...
අද ඉන්නවා... හෙට යාවීදෝ
නෑ ඒ බව කිසිවකු දන්නේ
මහ සත් මහල්... මැදුරින් පවා
මහ පොළවයි උරුමය වෙන්නේ
මතභේදයෙන්.. අමනාපකම්
ඇයිදෝ දිගටම ගෙන යන්නේ
අපි යාලුවෝ.. අපි යෙහෙළියෝ
නෑ නෑ අපි තරහා වෙන්නේ
ඉගිල්ලිලා යන්න යන්
කෝ පිහාටු නෑ අනේ
මුදු හතේ යන්න යන්
රුවල් හබල් නෑ අනේ
රජෙක් වෙන්න යන්න යන්
ඉහට ඔටුණූ නෑ අනේ
අහංකාර විලම්බීත ඇයි...
අහංකාර විලම්බීත ඇයි...
අහංකාර විලම්බීත ඇයි...
