ඉරු දින පමණක් නොව තව දස දහස් දිනක්
Iru Dina Pamanak Nowa
  • Lenght : 03:28

  • Song

    ඉරු දින පමණක් නොව තව දස දහස් දිනක් ගී පද / Iru Dina Pamanak Nowa Lyrics

    ඉරු දින පමණක් නොව තව දස දහස් දිනක්
    ඔබ හමුවන්නට ඇත්නම් එය මහත්  පිනක්
    අද ඔබ දැක පිය නැගුවත් සිත යලිත් වරක් 
    හෙට වන තුරු පෙරුම් පුරයි නැත ඉමක් කොනක්
     
    ඉරු දින පමණක්  ............
     
    සතියක් මාසයට හැරී අවුරුදු වන්නේ
    එලෙසින් අපෙ ආදරයේ දළු ලියලන්නේ
    දවසින් දවසම හැඩ වී ඔබව පෙනෙන්නේ - ඔබව පෙනෙන්නේ
    එනිසයි මා ඔබ දැකුමට හැම දින එන්නේ
     
    ඉරු දින පමණක්  ........
     
    දෙකොපුල් වල ගැසෙන ලෙසිනි ඔබ හිනැහෙන්නේ
    කිසිදා නැත ඔය මදහස අමතක වන්නේ
    මහදේ උතුරන සෙනෙහස නැත නිම වන්නේ- නැත නිම වන්නේ
    කෙදිනද ඔබ මගෙ අත ගෙන පැල වෙත එන්නේ
     
    ඉරු දින පමණක්  .................//
    හෙට වන තුරු පෙරුම් පුරයි නැත ඉමක් කොනක් ///

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS