කන්ද පාමුල
Kanda pamula

Song

කන්ද පාමුල ගී පද / Kanda pamula Lyrics

කන්ද පාමුල වංගුවේ 
පුංචි නිවසේ උන්නු දැරියේ 
කාලෙකින් පසු මා ඔබ දුටුවේ 
රත්තරන් මේ රූසිරු- නුඹට කොයින්දෝ
 
ගවුම් පොඩියක් අැඟේ දවටා
ළපටි දඟකාරෙන් 
වෙලේ නියරෙන් 
ගොඩ වි ගිය දැරියේ 
කෝල බැල්මෙන් දෑස හරවා
නාඳුනන්නිය සේ 
එපිට යන්නී
පුංචි නිවසේ උන්නු නුඹ නොවෙදෝ
 
ගමේ කොලු කෙලි රංචුවේදි
කවට බස් කීමෙන් 
කොණ්ඩ කරලක්
හිස දැවටු දැරියේ 
ස්වර්ණ වරුණා මයුර පිළ සේ 
සිරස පීරාලා 
මන බඳින්නී
පුංචි නිවස්‍ේ උන්නු නුඹ නොවෙදෝ 
 
කන්ද පාමුල වංගුවේ.....

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS